අපි කවුරුත් නොහිතපු විදිහට ආයෙත් ලංකාවට කොරෝනා හෙවත් Covid-19 වසංගතයේ බලපෑම එල්ලවෙලා. පහුගිය මාස දෙකක විතර කාලයක් තිස්සේ රෝගීන් වාර්තාවීම අඩුවුණ නිසාත් ඇඳිරි නීතිය ඉවත්කරලා ව්‍යාපාර වගේම පාසල්,ආයතන පුරුදු විදිහට පවත්වගෙන යන්න පටන්ගත්තම අපිට ආරක්ෂාවක් දැනුනා වගේම ආයෙත් අපි පුරුදු ජීවිතේට යනවා වගේ දැනෙන්න ගත්තා.
කොහොම වුනත් දැන් ආයෙත් දවස් කිහිපයක් ඇතුලත ලංකාවේ නොයෙක් පළාත්වලින් රෝගීන් වාර්තා වෙන්න පටන් අරන්. මේ වෙද්දිත් අලුත් රෝගීන් 1300කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා. ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ඇඳිරි නීතිය නිසා අඩපණ වෙලා. මන්නාරමේත් ගම් කිහිපයක් හුදෙකලා කරලා. විශාල ප්‍රමාණයක් අලුතින් නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවලා. විදේශයන්හි ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමත් තාවකාලිකව නතර කරලා. ඒ කියන්නේ අපි නැවතත් භයානක තත්වයකට මුහුණදීලා කියන එක මේ හැම දෙයින්ම තේරුම් ගන්න පුළුවන්.
රජයේ අවවාදය වෙන්නේ පුළුවන් තරම් ගමන් බිමන් සීමාකරන්න, සෙනග ගැවසෙන ස්ථාන මගහරින්න, හැකි සෑමවිටකම පිරිසක් එක්වීම සීමාකරන්න, මුඛ ආවරණ පළඳින්න, විෂබීජ නාශක දියර භාවිතා කරන්න, නිතර අත් සෝදන්න, අවම මීටරයක පරතරය තබාගන්න. මේ දේවල් අනුගමනය නොකර අපිට මේ වසංගතයෙන් ගැලවෙන්න බෑ කියන එක අපි හැමෝම දන්නවා. වේගයෙන් ආසාදනය වන සහ පැතිර යන රෝගයක් නිසා පහසුවෙන් ඉවතදාන්නත් බෑ. මොකද මේ වෙද්දි ලෝකයේ සෑම පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් එක් අයෙක්ම රෝගයට ගොදුරුවෙලා, ලක්ෂ 5කට වැඩි පිරිසක් මරණයට පත්වෙලා. ඒ නිසා රටක් විදිහට, මිනිස්සු විදිහට මේ වෙලාවේ අපි වගකීමෙන් වැඩකල යුතුයි.
ඒත් ඔබගේ ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු වගේම ගෙදර දොර කටයුතු වලටත් බාධාවක් කරගන්න එක ඒ තරම් සුදුසු නෑ. හොඳම දේ තමයි ඔබේ අතපසු වෙන වැඩ අවදානම් නොමැති මාර්ගවලින් කරගන්න එක. හරියටම දැන් පාසල්, පන්ති අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා වගේම ඔබේ ජීවිතයේ කොරෝනා නිසා අතපසු වෙන බොහොමයක් දේවල් අන්තර්ජාලය හරහා පහසුවෙන්ම කරගන්න ඔබට පුළුවන්.
අපි Viskam Creation ආයතනය විදිහට 2017 අවුරුද්දේ ඉඳන් පූර්ණ වශයෙන් අන්තර්ජාලය මත පදනම්ව සේවා සපයන ආයතනයක්. ඒ නිසා මේ වෙලාවේ අවදානමකින් තොරව ඔබට අවශ්‍ය බොහොමයක් සේවා අන්තර්ජාලය හරහා පහසුවෙන්ම ඉටුකරන්න අපට අවස්ථාව තිබෙනවා.
- සියලුම Computer Type Settings සේවාවන් සිංහල,ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් කරවාගන්න.
- Data Entry සිහ Data Analysis පහසුවෙන් සහ ඉක්මණින් ඔබට අවශ්‍ය ආකාරයට කරවාගන්න.
- සියලුම පොත්, පෝස්ටර්, Leaflets, Social Media Posts, phots පහසුවෙන්ම සහ නිර්මාණාත්මකව Design කරවාගන්න.
- Assignments, Research ඇතුලු සියලුම වාර්තාවන් සඳහා සහය ලබාගන්න.
- පුවත්පත් ලිපි, සඟරා ලිපි, දැන්වීම් සකස්කරගන්න.
- Facebook Pages නිර්මාණාත්මක සකස් කිරීම සහ පවත්වාගෙන යාම.
- ඉක්මණින් සහ නිර්මාණාත්මකව ඉහළ ගුණාත්මකභාවයකින් සේවා සැපයීමට අපිට අවුරුදු 3 කට වැඩි අත්දැකීම් ඇති නිසා,
- සියලුම සේවා අන්තර්ජාලය හරහා සපයන නිසා වසංගත ව්‍යාප්ති අවදානමකුත් නෑ,
- සියලුම ගෙවීම් කිරීම් ඔබේ සේවාවන් සම්පාදනය කිරීමෙන් පසුව ඔබ 100% ක් තෘප්තිමත් වීමෙන් පසුව පමණි, අත්තිකාරම් කිසිවක් අවශ්‍ය නැත.
- අවශ්‍ය අමතර සේවා වගේම අඩුපාඩු සකස් කරන්නත් අපි සූදානම්.
- අන්තර්ජාලය හරහා ගෙවීම් කරන්න පුළුවන් නිසා 100% නිවසේ ඉඳගෙනම ඔබට සියලුම සේවාවවන් ලබාගන්න පුළුවන්.
