සිංහල ටයිප් කරගන්න බැරිව දුක්වින්ඳ කාලේ ඉවරයි..!


අනූව දශකයේ මුල් කාලේ ලංකාවට පරිගණක එද්දි පරිගණකවල සිංහල දකින එක හීනයක් වගේ තමයි. ඒත් අද වෙනකොට සිංහල භාෂාව පරිගණක වලට විතරක් නෙවෙයි ජංගම දුරකතනවලට පවා ඇවිත්. තවදුරටත් සිංහල කියන්නේ තාක්ෂණයට දුර භාෂාවක් නොවෙන තැනට වැඩ සිද්ධවෙලා තියනවා.

ඒ නිසා අද ඕනම ලේඛනයක් සිංහලෙන් ටයිප් කරලා පලකරන්න පුළුවන් තරමට පරිගණක තාක්ෂණය දියුණුයි. ඉස්සර යතුරු ලියනවලින් එකම පොන්ට් එකෙන් දහදුක් විඳගෙන "ෂට ෂට" ගාලා ටයිප් සෙටින්ග්ස් කරපු යුගය වෙනුවට දැන් කතාකරන වේගෙන් සිංහල අකුරු පරිගණකයට ඇතුල්කරන්න එතනින් ප්‍රින්ට් එකක් ගන්න පුළුවන්කම තියනවා. 

ඒත් බොහොමයක් සිංහල භාෂාව දන්න පරිගණක පාවිච්චි කරන අයට තියන ගැටළුවක් තමයි සිංහල ටයිප් කරගන්න බැරිකම. අදවෙනකොට පරිගණකයේ සිංහලෙන් ලේඛනයේ යෙදෙන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.

  1. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් (බොහෝවිට ඉස්කෝල පොත කියන ෆොන්ට් එක තමයි භාවිතා වෙන්නේ)
  2. සාමාන්‍ය විජේසේකර යතුරු පුවරුවට අදාල FM හෝ  DL වැනි සම්මත ෆොන්ට්ස් භාවිතයෙන් 
මේ ක්‍රමදෙකෙන් බොහොම ප්‍රචලිත සහ බොහෝ දෙනෙක් යන්තම් හරි සිංහල ටයිප් කරගන්න ඉගනගත්ත ක්‍රමය තමයි යුනිකෝඩ්. එකත් සිංග්ලිෂ් විදිහට තමයි පුරුදුවෙලා තියෙන්නේ. ඒත් ගොඩක් ලේඛනවලට, ප්‍රකාශන වලට යුනිකෝඩ්වලින් ටයිප් කරලා හරියන්නේ නෑ. ලස්සන සහ පිළිවෙල ෆොන්ට්ස් ගණනාවක් අදවෙන කොට නිර්මාණය වෙලා තියනවා. FMAbhaya වගේ රජයේ ලේඛන වලට පවා වැඩිවශයෙන් යොදාගන්න, පොත් ප්‍රකාශකයන් යොදාගන්න ෆොන්ට්ස් වර්ග තියෙද්දි යුනිකෝඩ්වලින් ටයිප් කරලා සිංහල ගොඩදාගන්න ටිකක් අමාරුයි.

බොහෝවිට එසයින්මන්ට්ස්, රිසර්ච් රිපෝර්ට්ස්, පොත්, ප්‍රකාශන, අත්පත්‍රිකා වගේ දේවල් සිංහලෙන් ටයිප් කරගන්න ගියාම ගොඩක් දෙනෙක් සෑහෙන්න අපහසුතාවට පත්වෙනවා. කමියුනිකේෂන් ගානේ, මුද්‍රණාල ගානේ රස්තියාදුවෙලා පරක්කුවෙලා වැඩේ කරගන්න සෑහෙන්න දුකක් විඳින්න වෙනවා. 

දැන් එහෙම චාටර් වෙන්න දෙයක් නෑ. ඔබේ අත් අකුරින් ලියපු ලේඛන නැත්නම් පොතකින් උපුටාගත්ත දෙයක් සිංහල භාෂාවෙන් ටයිප් කරගන්න අවශ්‍යනම් ඔබට කරන්න තියන සරලම දේ තමයි ලෝකේ කොතැනක වුනත් ඉන්න ඔබට පහසුම මාර්ගයක්. එක්කේ ස්මාර්ට් ෆෝන් එකෙන් අර ලේඛනවල පැහැදිලි පොටෝස් ටිකක් ගන්න, නැත්නම් ඒ ලේඛන ටික ස්කෑන් කරන්න. එවන්න අපේ ඊ-මේල් ලිපිනයට

viskamcreation@outlook.com

එවලා නිකන් ඉන්න එපා. අපේ Hotline එක 076-999 57 51 ට එක්කේ කෝල් එකක් දෙන්න, නැත්නම් එස්.එම්.එස් එකක් දාලා ඕඩර් එක බාරදෙන්න. අපි ඔබේ ඕඩර් එක බාරගෙන ඒ ඕඩර් එකට අදාල නම්බර් එක ඔබට එවනවා. ඊට පස්සේ බොහොම ඉක්මණින් වැඩේ ඉවරකරලා ඔබට ඊමේල් මාර්ගෙන්ම එවන්න අපි සූදානම්. වැඩේ කොච්චර ලේසිද. සාමාන්‍යයෙන් A4 පැති 20ක වගේ ලේඛනයක්නම් දවසක් ඇතුලත වගේ ඔබට නැවත බාරදෙන්න අපි සූදානම්. වැඩේ ලොකු වැඩක්නම් දින කිහිපයක් ඇතුලත අවසන් කරලා ඔබට බාරදෙන්න අපිට පුළුවන්.

මේ හැමදේටම ඔබට වැයවෙන්නේ ඉතාම සුළු මුදලක් විතරයි. ඒත් පෝලිම්වල රස්තියාදු වෙන්නේ නැතිව, මේ වැඩේ ඉක්මණින් ගෙදර ඉඳගෙනම කරගන්න පුළුවන් එක පහසුවක් නෙවෙයිද. 

අපේ සේවාව අවශ්‍යනම් ඉක්මණින් අපිව සම්බන්ධ කරගන්න. තවත් සේවාවන් බොහොමයක් තියනවා. එක එක ඔබට හඳුන්වලා දෙන්න